05 December 2024


ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම අඩුවෙයි



නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අදින් (29) පසු ක්‍රමයෙන් අවම වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව අද දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත්වලටත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත් ගාල්ල, මාතර, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වනවා.

එමෙන්ම සෙසු ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

(colombotimes.lk)