06 February 2026

logo

ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව



ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවූ සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව අද (05) සිට මෙරට සැදැහැවත් ජනතාවට හිමි වනවා. 

හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැනැපත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේ අද (05) අලුයම 6.00 සිට ලබන 11වනදා පෙරවරු 7.00 දක්වා වැද පුදා ගැනීමට සැදැහැවත් ජනතාවට අවස්ථාව හිමි වන බවයි වාර්තා වන්නේ. 

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අරවල්ලි දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික දෙව්නි මෝරි පුරාවිද්‍යාත්මක ස්ථානයේ 60 දශකයේදී සිදුකරන ලද  පුරාවිද්‍යාත්මක කැණීමකින් මෙම ධාතූන් වහන්සේ සොයාගෙන තිබෙනවා. 

(colombotimes.lk)