colombotimes.lk
සිංහල | English

17 September 2024


Disney කුමරියන්ගේ නාසය ගැන ගැටලුවක් (PHOTOS)



Disney කුමරියන්ගේ නාසය නිර්මාණය කර ඇති ආකාරය සම්බන්ධයෙන් රසිකයින් විසින් එම ආයතනයට විශේෂ අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඔවුන් සඳහන් කරන්නේ, කුමරියන්ට කුඩා සහ මදක් උස් වූ නාසයන් ලබාදීම මඟින් කුඩා දැරියන්ට අනතුරුදායක පණිවිඩයක් ලබාදෙන බවයි.

එයට හේතුව වන්නේ සාමාන්‍ය මිනිසෙකුගේ නාසයේ දැකිය හැකි අනෙකුත් හැඩයන් 'නපුරු සහ කැත' අර්ථය හැඟවෙන පරිදි දුෂ්ට චරිත සඳහා ලබාදී තිබීමයි.

මේ සම්බන්ධයෙන් @gangbanger_0 විසින් සිදුකරන ලද TikTok Video ව මිලියන 5.3කට වඩා වැඩි පිරිසක් නරඹා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම විස්තර කිරීම සඳහා යොදාගෙන ඇති Disney කුමරියන් වන්නේ Ariel, Moana, Elsa, Belle, Aurora සහ Snow White බව සඳහන්.

එමෙන්ම එහි දුෂ්ටයන් සඳහා උදාහරණ ලෙස Jafar, Maleficent, Ursula, Clayton සහ Mother Gothel යොදාගෙන තිබුණා.

මීට අමතරව මේ සම්බන්ධයෙන් Robin Reaction සිදුකරන ලද Video ව නැරඹුම් වාර මිලියන 5.1ක් පසුකර ඇති බව සඳහන්.
(colombotimes.lk) 

Disney has been called out over its depiction of noses on princesses. Pictured is ElsaTikTok creators pointing out that the female characters in its movies have tiny noses compared to villains and men. Pictured is Moana
Then the video cuts to villains who are part of Disney universe. Pictured is UrsulaThey have larger and more defined noses to the ones shown before. Pictured is Maleficent

Another video from Robin Reaction, which has also been viewed more than 5.1 million times, delves a little deeper into the issueThe creator said:
Robin also points out:





And the videos seem to have drawn mixed reactions from people