22 January 2026

logo

ඉන්දුනීසියානු යුද නෞකාවක් කොළඹ වරායට



ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් 'KRI SULTAN ISKANDAR MUDA - 367' යුද නෞකාව අද (22) පෙරවරුවේ කොළඹ වරායට පැමිණ තිබෙනවා.

ඒ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහායි. 

මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගන තිබෙන බවයි වාර්තා වන්නේ. 

නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව්මුළුව කොළඹ සහ ඒ අවට පිහිටි ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීමට ද සැලසුම් කර තිබෙන බව නාවික හමුදාව සඳහන් කළා. 



(colombotimes.lk)