සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය් මේ වන විට ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව මේ වන විට තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත්වුණා.
ඔහුගේ මෙම අර්ධ ශතකයට හතරේ පහර 8ක් ඇතුළත්.
කුසල් මෙන්ඩිස් සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවිය තුළ රැස් කළ 35වන අර්ධ ශතකය ලෙස මෙය වාර්තා වුණා. 
(colombotimes.lk)
