මෙරට තුර්කි තානාපති Semih Lutfu Turgut සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබයරත්න අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පවත්වා තිබෙනවා.
එහිදී අමත්‍යවරයා කළ ඉල්ලීමකට අනුව දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුරෙන් හානියට පත් පාසල් යළි ගොඩ නැංවීමට තුර්කි රජය සහය වන බවට තනාධිපතිවරයා සිය එකඟතාව පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම පානීය ජල ගැටළුවට මුහුණදෙන ප්‍රදේශවල ජනතාවට විසඳුම් ලබාදීම සඳහාද තුර්කි රජය සහය වන බව එහිදී වැඩිදුරත් කියා සිටියා.
(colombotimes.lk)
