01 November 2025

logo

ඉහළ ඉල්ලුම හමුවේ කෙසෙල් මිලත් ඉහළ යයි



උත්සව සමයේදී ඉහළ ඉල්ලුමක් පවතින කෙසෙල් මිල ගණන් මේ වන විට සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

වෙළඳුන් පැවසුවේ, ඒ අනුව සීනි කෙසෙල් රුපියල් 260ත් 280ත් අතර මුදලකට ද කෝලිකුට්ටු රුපියල් 400 කට ද විකිණෙන බවයි.

මේ දිනවල කෙසෙල් මිල ගණන් ඉහළ ගොස් තිබුණත් වෙළඳුන් තමන්ගෙන් කෙසෙල් මිලදී ගන්නේ අඩු මුදලකට බව ඇඹිලිපිටියේ කෙසෙල් ගොවීන් පවසනවා.
(colombotimes.lk)