14 January 2026

logo

වතු කම්කරුවන් විරෝධතාවයක



දිඹුල පතන පොලිස් වසමට අයත් ලෝග්ගිල් වතුයායේ කම්කරුවන් පිරිසක් ඊයේ (13) උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.

ඒ දිට්වා සුළි කුණාටුවෙන් යට වූ වතුයායවල් හිමි පිරිස සඳහා රජයෙන් ලබාදෙන රු.25,000ක මුදල නොලැබීම හේතුවෙන්.

විරෝධතාවයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටියේ එම මුදල වතුයායේ කිහිපදෙනෙක්ට පමණක් හිමි වී තිබෙන බවයි.

වසම භාර ග්‍රාමසේවක නිලධාරිවරයාගේ නිර්දේශ මත මුදල් ගෙවීම සිදුකර ඇති බවත් එම මුදල කොටස් වශයෙන් ගෙවීම හේතුවෙන් මුදල් නොලැබුණු පිරිසට ඉදිරියේදී එම මුදල් ලැබෙන බවත් දිස්ත්‍රික් ලේකම්වරිය සඳහන් කළා.







(colombotimes.lk)