14 January 2026

logo

විමල් වීරවංශට වරෙන්තු



හිටපු අමාත්‍ය විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවට පෙනී නොසිටීම හේතුවෙන්.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. 

විත්තිකරුගේ ඇපකරුවන්ට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)