14 January 2026

logo

තෛපොංගල් දිනය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා



තෛපොංගල් උත්සවය සැමරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. 
 
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටි. එච්. ආර්. ටි. චන්ද්‍රසිරි සඳහන් කළේ හැටන්, නුවරඑළිය, බදුල්ල ඇතුළු නගර කිහිපයක් වෙත අමතර බස් සේවා යොදවන බවයි.

එමෙන්ම බැස්ටියන් මාවත දුරගමන් සේවා බස් නැවතුම්පළෙන් සහ ප්‍රධාන නගරවල සිට විශේෂ ප්‍රවාහන සේවා යොදවා ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා. 

(colombotimes.lk)