පාසල් ශිෂ්‍ය ප්‍රවාහන සේවයේ යෙදෙන රථ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් පනත් කෙටුම්පතක් සකස් කර තිබෙනවා.
සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය සඳහන් කළේ ඒ තුළ ගැටළු රැසක් පවතින බවයි.
මේ සඳහා ප්‍රවාහන විෂයභාර අමාත්‍යවරයාගේ අවධානය යොමුවිය යුතු බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.
මෙම කෙටුම්පතෙහි සෑම පාසල් ශිෂ්‍ය ප්‍රවාහන සේවාවක්ම කහ පැහැයෙන් පින්තාරු කළ යුතු බවත් කළු පැහැ අකුරින් සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ස්වකීය නාමපුවරුවක් රථයේ ඉදිරිපස සහ පිටුපස ප්‍රදර්ශනය කළ යුතු බවට සඳහන් වී තිබෙනවා.
සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එන්.එම්.කේ. හරිස්චන්ද්‍ර කියා සිටියේ ආසන 30ක පමණ රථයක් පින්තාරු කිරීමට අවම වශයෙන් ලක්ෂ 5ක මුදලක් වැය වන බවයි.
එය රියදුරන්ට ගැටළු සහගත බවද ඔහු කියා සිටියා.
එම කෙටුම්පතේ රියදුරු සහ රිය සහායක හෝ රිය සහායිකාව විසින් බලයලත් අධිකාරිය මඟින් නියම කර තිබෙන නිල ඇඳුමක් හැඳ සිටිය යුතු බවද සඳහන්.
කෙසේ නමුත් එම නිල ඇඳුම් ලබා දෙන්නේ කවුද යන්න සඳහන් කර නොමැති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
