බැරියල් හන්දිය දෙස සිට තණමල්විල දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි දරුවෙක්ගේ ඇඟේ ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ උඩවලව, තණමල්විල මාර්ගයේ මළබොටුආර ප්‍රදේශයේදීයි.
මෙම අනතුරෙන් 13 හැවිරිදි වියේ පසුවන දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම අනතුරෙන් තුවාල ලැබූ දරුවා උඩවලව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර උඩවලව පොලීසිය මේ පිළිබඳව වැඩිදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා.
(colombotimes.lk)
