05 November 2025

logo

මාරක අනතුරක් - පුද්ගලයෙක් ජීවිතක්ෂයට



යතුරුපැදියක් මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් ඊයේ (04) මාරක අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ තොටළඟ අඹතලේ මාර්ගයේ කිත්තම්පහුව ප්‍රදේශයේදීයි.

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. 

එලෙස මියගිය පුද්ගලයා වයස අවුරුදු 22ක් වන කිත්තම්පහුව, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

(colombotimes.lk)