මගී ප්‍රවාහන බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් ඊයේ (04) මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ වලස්මුල්ල - මිද්දෙණිය මාර්ගයේ තිරුවනාබෝරැල්ල ප්‍රදේශයේදීයි.
අදාළ අනතුරින් පරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු වලස්මුල්ල රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 24ක් වන හිඳකරන්දෙණිය, කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)
