මෙරට වෙළඳපොළේ රන් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ ලෝක වෙළෙඳපොළ තුළ රන් මිල ඉහළයාමත් සමඟයි.
ඒ අනුව ඊයේ (02) රුපියල් 368,000ක් ලෙස සඳහන් වූ කැරට් 24ක රන් පවුමක මිල අද (03) රුපියල් 380,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම ඊයේ රුපියල් 338,000ක් ලෙස සඳහන් වූ කැරට් 22 රන් පවුමක මිල අද රුපියල් 349,000ක් ලෙස සටහන් වුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ දිනයට සාපේක්ෂව අද ලෝක රන් මිල ඩොලර් 130කින් ඉහළ ගොස් ඇති බවයි.
