03 February 2026

logo

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්



ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අද (03) රාත්‍රී 11 දක්වා වලංගු වන පරිදියි.

ඒ අනුව සබරගමුව පළාතේ සහ කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාවට මේ පිළිබඳව සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම ප්‍රදේශවල ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බවයි.

(COLOMBOTIMES.LK)