යතුරු පැදියක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් ඊයේ (02)මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ වාරියපොල හලාවත මාර්ගයේ බංඩාරකොස්වත්ත ප්‍රදේශයේදීයි.
එම අනතුරින් යතුරු පැදිකරු තුවාල ලබා වාරියපොල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.
මියගොස් පුද්ගලයා වයස අවුරුදු 25ක් වන යහලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලීසිය සඳහන් කළේ අනතුරට සම්බන්ධ ත්‍රීරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගත් බවයි.
(colombotimes.lk)
