07 November 2025

logo

නවදිල්ලි ගුවන්තොටුපොළේ ගුවන් ගමන් ප්‍රමාදයක්



ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත් වන ගුවන් ගමන්වාර සිය ගණනක් අද (07) උදෑසන ප්‍රමාද වී තිබෙනවා.

ඒ ගුවන් පාලන පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන්.

මේ හේතුවෙන් ගුවන් ගමන් පාලන කටයුතු MANUAL ක්‍රමයට ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ වන විට ගැටලුව නිරාකරණය කිරීමට ගුවන් තොටුපොළ බලධාරීන් දැඩි උත්සාහයක නිරත වන බවයි වාර්තා වන්නේ.

පසුගිය සතියක පමණ කාලය තුළ එම ගුවන්තොටුපොළේ පාලන පද්ධතිය අවස්ථා කිහිපයකදීම ගැටලුවලට මුහුණදී තිබෙනවා. 

(colombotimes.lk)