20 January 2026

logo

කැලණි පන්සල ආසන්නයේ ඇති ගංවතුර වේල්ල උපරිම මට්ටමට



කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් හංවැල්ල සහ ඒ ආශ්‍රිත පහළ ප්‍රදේශයේ මේ වන විට අධි ගංවතුර තත්ත්වයක් පවතිනවා. 

වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ හංවැල්ල මිනුම් මධ්‍යස්ථානයේ ජල මට්ටම මීටර් 9.78ක් වාර්තා වන බවයි.

එමෙන්ම එය ආසන්න වශයෙන් මහ ගංවතුර තත්ත්වයක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්. එස්. සූරියබණ්ඩාර සඳහන් කළේ කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි. 

ඒ අනුව නාගලගම් වීදියේ මිනුම් පාඨාංකය අඩි 8.35ක් ලෙස දැක්වෙන අතර එය මෑත ඉතිහාසයේ වැඩිම ජල මට්ටම එය බව ද ජල කළමනාකරණ අධ්‍යක්ෂවරයා සඳහන් කළා. 

ඔහු කියා සිටියේ තවදුරටත් ජල මට්ටමේ වැඩිවීමක් සිදු නොවන බවයි.

නමුත් කැලණි පන්සල ආසන්නයේ පිහිටි ගංවතුර වේල්ල මේ වන විට සැලසුම් කරන ලද ජල මට්ටමේ උපරිම මට්ටමට පැමිණ තිබෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉදිරියේදී යම් අවදානමක් පැමිණියහොත් කඩිනමින් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බැවින් එම නිවේදන ගැන අවදානයෙන් සිටින ලෙසයි. 

(colombotimes.lk)