ආපදාවට පත් නො වූ රාජ්‍ය ආයතන සහ කාර්යාල අද (01) සිට සුපුරුදු පරිදි විවෘත කර සේවාවන් පවත්වා ගෙන යන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍යාංශ ලේකම් ආලෝක බණ්ඩාර සඳහන් කළේ අදාළ පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී එම තීරණය ගත් බවයි.
දිවයින පුරා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ රාජ්‍ය ආයතන පසුගිය සිකුරාදා සිට වසා දැමීමට පියවර ගෙන තිබුණා.
(colombotimes.lk)
