16 July 2025

logo

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි



ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සංවිධානය සඳහන් කළේ මෙම අනතුරු ඇඟවීම අද (30) පස්වරු 4.00 සිට හෙට (01) පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක වන බවයි.

බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා 02 මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම කොළඹ, ගම්පහ, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා 01 මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.       

(colombotimes.lk)