06 February 2026

logo

ප්‍රදේශ කිහිපයකට මීදුම් සහිත තත්ත්වයක්



උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (08) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එමෙන්ම සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

(colombotimes.lk)