27 November 2025

logo

වලපනේ නායයෑමකින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට



නුවරඑළිය වලපනේ ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයන් 4දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව නුවරළිය දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා. 

ඔහු සඳහන් කළේ නිවාස 02ක් නායයෑම හේතුවෙන් ඔවුන් ජීවිතක්ෂයට පත් වූ බවයි. 

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 4දෙනෙක් අතුරුදන්වී ඇති බව දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත පවසනවා. 

ඔහු සඳහන් කළේ උඩදුම්බර සහ පහත හේවාහැට ප්‍රදේශවලින් මෙම සිදුවීම් වාර්තා වූ බවයි. 

(colombotimes.lk)