27 November 2025

logo

ආපදාවන්ට ලක්වූ සියලු දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් කැඳවීමක්



ආපදාවට ලක්වූ සියලු දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (27) විශේෂ රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුවට කැඳවා තිබෙනවා. 

අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ අද (27) දහවල් වන විට මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ අදාළ අංශවල අමාත්‍යවරු මහනුවරට සහ නුවරඑළිය ප්‍රදේශවලට යැවීමට නියමිත බවයි. 

(colombotimes.lk)