03 January 2026

logo

ඉන්ධන මිල සංශෝධනය කරයි - නව මිල මෙන්න



ඉන්ධන මිල සූත්‍රයට අනුව මාසිකව සිදු වන මිල සංශෝධනයෙන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වී තිබෙනවා.

ඒ අනුව රුපියල් 311ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩුකර කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 309ක් ලෙසයි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල වෙනස් නොවන අතර එහි මිල 371ක් ලෙස සටහන් වනවා.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් වැඩි කර ඇති අතර  එහි නව මිල සටහන් වන්නේ රුපියල් 286ක් ලෙසයි.  

එමෙන්ම ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 188ක් ලෙස සටහන් වනවා.

(colombotimes.lk)