අත්තනෝමතික ස්ථාන මාරු කිරීමේ ක්‍රමවේදයට විරෝධය පළ කරමින් හෙට (31) දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඔවුන් සඳහන් කළේ මෙම ස්ථාන මාරුවීම් ක්‍රමවේදය අද (30) ක්‍රියාත්මක වුවහොත් දිවයින පුරා රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල සිදු විය හැකි සේවා බිඳ වැටීම පිළිබඳ වගකීම බලධාරීන් විසින් භාරගත යුතු බවයි.
එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඊයේ (29) පැවති මාධ්‍ය හමුවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මේ බව කියා සිටියා.
(colombotimes.lk)
