මට්ටක්කුලිය කාක දූපත වෙරළ තීරයේ කැලණි ගඟ මෝය කට අසල සහ පමුණුගම එපාමුල්ල ප්‍රදේශයේ තිබී පුද්ගල මළ සිරුරු 03ක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මළ සිරුරුවල අන්‍යතාව මෙතෙක් තහවුරුවී නොමැති බවයි.
කාක දූපත වෙරළ තීරයෙන් සහ කැලණි ගඟ මෝය කටින් සොයා ගත් මළ සිරුරු මේ වන විට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එපාමුල්ල ප්‍රදේශයේ ඉදි කරමින් පවතින දෙමහල් නිවසක පිටුපස මියගොස් සිටි පුද්ගලයා අවුරුදු 50 - 60ත් අතර වයසේ පසුවන බවයි.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් මට්ටක්කුලිය සහ පමුණුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා.
(colombotimes.lk)
