30 October 2025

logo

මෙලිසා කැරබියන් දූපත් වනසයි



'මෙලිසා' සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට කැරිබියන් දූපත් රැසක ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම වසරේ මෙතෙක් ඇති වූ දරුණුම සුළි කුණාටුව ලෙස මෙලිසා සුළි කුණාටුව හැඳින්විය හැකි බවයි.

සුළි කුණාටුවත් සමඟ ඇඳහැළුණු අධික වර්ෂාව හේතුවෙන් හයිටි රාජ්‍යයේ පුද්ගලයන් 20දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජැමෙයිකාවේ බහුතර ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇති අතර සමස්තයක් ලෙස එරටින් හතරෙන් තුනකට විදුලිය නොමැති බවයි. 

මේ වන විට මෙලිසා ජැමෙයිකාවේ සිට පැයට සැතපුම් 115ක වේගයෙන් කියුබාව දෙසට ඇඳී යමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)