07 November 2025

logo

රාජ්‍ය ණය අඩුවෙයි



වසරක් තුළ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ඇති කර ගැනීමට රජයට හැකියාව පවතින බව අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
 
ඒ 2026 අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්. 

එහිදී ඔහු කියා සිටියේ උද්ධමනය 5%ට අඩු මට්ටමක තබා ගැනීමට රජය උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි.
 
එමෙන්ම ගෝලීය කම්පනයන් හමුවේ වුවද විනිමය අනුපාතය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමටද හැකි වූ බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
 
ඉතිහාසයේ ඉහළම ප්‍රාථමික අතිරික්තය ලබන වසරේ සනිටුහන් කිරීමට හැකිවන බවද ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන අයවැය කතාවේ සඳහන්.
 
එමෙන්ම 2030 වසර වන විට රාජ්‍ය ණය 87%ක් දක්වා අඩුකර ගැනීමට රජය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා. 

(colombotimes.lk)