2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම සහ ඇෆ්ගනිස්ඨාන කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ චෙන්නායිහීදීයි.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්ඨාන නායක රෂීඩ් කාන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ඨාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182ක් රැස් කිරීමට සමත්වුණා.
එහිදී ගුල්බදින් නයිබ් පන්දු 35කින් ලකුණු 63ක් රැස් කරගත්තා.
ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් නවසීලන්ත කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 183ක්.
(COLOMBOTIMES.LK)
