06 February 2026

logo

පළාත් කිහිපයකට වැසි වැඩි වෙයි



බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් අද (12) මිලිමීටර 75 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එමෙන්ම උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලටත් විටින් විට වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සදහන්.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බව එම නිවේදනයේ සඳහන්.

(colombotimes.lk)