2026 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව අද පැවැති තරගය ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.
ඒ ලකුණු 61කින්.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 175ක් රැස් කිරීමට සමත්වුණා.
එහිදී ඉෂාන් කිෂන් පන්දු 40කින් ලකුණු 77ක් සහ සූර්ය කුමාර් යාදෙව් පන්දු 29කින් ලකුණු 32ක් රැස් කරගත්තා.
අනතුරුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 176ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කිරීමට හැකියාව ලැබුණේ ලකුණු 114ක් පමණයි.
(colombotimes.lk)
