පවතින අධික වර්ෂාපතනයත් සමඟ දැදුරුඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දැදුරුඔය ද්‍රෝණියේ පිහිටි වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රසනායකපුර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අයත් ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය වර්ධනය වෙමින් පවතින බවයි.
මේ හේතුවෙන් එම ප්‍රදේශවල පදිංචි ජනතාව දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කුඹුක්කන්ඔය ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ මොනරාගල සහ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගම්මාන කිහිපයක පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බවයි.
එමෙන්ම නක්කල, කුඹුක්කන, මාදුරුකැටිය, ඔක්කම්පිටිය හා ගාමිණිපුර යන ග්‍රාම නිලධාරී කොට්ඨාසවලට මෙම අවදානම පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
