අධි ධාරිතාවයෙන් සමන්විත යතුරුපැදි ලියාපදිංචියට අවසර ලබා දීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ සිය ෆේස්බුක් ගිණුමෙහි විශේෂ සටහනක් තබමින්.
ඒ අනුව මෙම යතුරුපැදි ලියාපදිංචියෙන් ලැබෙන ආදායමින් කොටසක් ශ්‍රී ලංකා පොලීසියේ අධි ධාරිතා යතුරුපැදි මිලදී ගැනීමට සහ විශේෂ අවශ්‍යතා සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියා.
(colombotimes.lk)
