12 February 2026

logo

දසුන්ගෙන් ඉතිහාසගත ඉනිමක් - ඕමානයට දැවැන්ත ඉලක්කයක්



මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕමාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගය මේ වන විට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕමාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 225ක් රැස් කරගත්තා.

මෙහිදී කුසල් මෙන්ඩිස්, පවන් රත්නායක සහ දසුන් ශානක අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වුණා.

මෙහිදී දසුන් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේ පන්දු 19ක් පමණක් වැය කරමින්.

එය වාර්තා වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රැස් කළ වේගවත්ම අර්ධ ශතකය ලෙසයි.



(COLOMBOTIMES.LK)