මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝහල්වල නේවාසික රෝගීන් සඳහා ආහාර ලබාදීම අත්හිටුවා තිබෙනවා.
ආහාර සැපයුම්කරුවන් සඳහා මුදල් ලබා නොදීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මඩකලපුව දිස්ත්‍රික් නිලධාරියෙකු සඳහන් කළා.
අදාළ නිලධාරියා සඳහන් කළේ එම සැපයුම්කරුවන් සඳහා මාස කිහිපයකට අදාළ මුදල් ගෙවීමට පවතින බවයි.
මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝහල් වෙත ආහාර සැපයීම සඳහා අධික මිල ගණන් යටතේ ටෙන්ඩර් දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියා.
එලෙස ටෙන්ඩර් ලබාදුන් සැපයුම්කරුවන් සඳහා මුදල් ගෙවීමට නොහැකිවීම මත ආහාර සැපයීම නතර කළ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
(Colombotimes.lk)
