09 October 2025

logo

ලෝක රන් මිලෙහි දැවැන්ත වෙනසක්



ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (08) ඩොලර් 4,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. 

ඒ අනුව ස්පොට් රන් අවුන්සයක මිල සටහන් වුණේ ඩොලර් 4,011.18ක් ලෙසයි.

මේ අතර අද (08) මෙරට රන් මිල ද රුපියල් 6,000කින් ඉහළ ගොස් තිබෙනවා. 

ඒ අනුව ඊයේ (07) දිනයේ රුපියල් 290,500ක්ව පැවති කැරට් 22 රන් පවුමක මිල අද රුපියල් 296,000 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි සඳහන් වන්නේ.

මේ අතර ඊයේ දිනයේ 314,000ක්ව පැවති කැරට් 24 රන් පවුමක මිල අද රුපියල් 320,000ක් දක්වා ඉහළ ගොස්  තිබෙනවා.
 
රන් මිල මේ වන විට ඉහළ යන්නේ 1970 දශකයෙන් පසු වේගවත්ම වර්ධනය සලකුණු කරමින් බවයි වාර්තා වන්නේ. 

2025 වසරේ ජනවාරි 1වනදා සිට මේ දක්වා රත්‍රං මිල 50%කින් පමණ ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

සුරක්ෂිත ආයෝජන මෙවලමක් ලෙස සැලකෙන රන් මිල 2018 අවසානයේ සිට මේ දක්වා 300%කින් පමණ ඉහළ ගොස් තිබෙන බවයි සඳහන් වන්නේ. 

(colombotimes.lk)