ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල අනිද්දා (16) සිට රුපියල් 125කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබෙනවා.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් අඩු කිරීමටද ඔවුන් එකඟවී ඇති බවයි.
ලෝක වෙළඳපොළේ කිරි පිටි මිල පහළයාම ගැන සැළකිල්ලට ගනිමින් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙනවා.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ අප්‍රේල් මාසයේදී යළිත් කිරිපිටි මිල අඩු කිරීමට අපේක්ෂා කරන බවයි.
(colombotimes.lk)
