14 January 2026

logo

බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් සිව්නමක් රිමාන්ඩ්



ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බුදු පිළිමයක් සම්බන්ධ සිද්ධියකට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු ස්වාමීන්වහන්සේ සිව්නමක් සහ පුද්ගලයන් 5දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 

ඒ ත්‍රිකුණාමලය විහාරස්ථානයක තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට උත්හාස කිරීමත් සමඟ පසුගිය වසරේ නොවැම්බර් මස 16වනදා එහි නොසන්සුන්තාවයක් හටගෙන තිබුණා. 

කෙසේවෙතත් මෙම සිද්ධියට අදාළව එම ඉදිකිරීම් අනවසර බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

එම බුද්ධ ප්‍රතිමාව ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී හිමිවරුන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් පොලීසියට දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. 

මෙම සිද්ධියට අදාළව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ පාර්ශවයන් කැඳවා තිබූ අතර එහිදී මෙම පිරිස ජනවාරි මස 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ. 


(colombotimes.lk)