දඹුල්ල පැල්වෙහෙරදී 'Dambulla Bustaurant' නමින් නව බස් රථ සේවාවක් හෙට (15) සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
මෙම බස් රථය පැල්වෙහෙරෙන් ගමන් ආරම්භ කර දිගම්පතහ, කිඹිස්ස, සීගිරිය, ඉනාමළුව හරහා නැවත පැල්වෙහෙරට පැමිණීමට නියමිතයි.
මෙහි ආපනශාලා පහසුකම්ද ඇතුළත් වන අතර දඹුල්ල, සීගිරිය සංචාරක කලාපයට පිවිසෙන සංචාරකයන් හට නැවුම් අද්දැකීමක්ද ලබා ගැනීමේ හැකියාවද පවතිනවා.
මෙය මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තුමේන්තුවේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
