15 February 2026

logo

හැටන් ලංගම ඩිපෝවේ ආදායම ඉහළට



ආදායම් සතියට සමගාමීව හැටන් ලංගම ඩිපෝවේ දෛනික ආදායම් තත්ත්වය ඉහළ නැංවීමට හැකි වූ බව එම ඩිපොවේ කළමණාකරු නලින් වීරසූරිය ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය විසින් මේ මස 09වනදා සිට 15වනදා දක්වා ආදායම් සතියක් ප්‍රකාශයට පත් කර තිබූ බවයි .

එම ආදායම් සතියට සමගාමීව හැටන් ලංගම ඩිපෝවේ දෛනික ආදායම ලක්ෂ 24-25ත් අතර පැවති බව ප්‍රකාශ කළා.

ඩිපෝ කළමණාකාරවරයා සඳහන් කළේ එය මේ වන විට ලක්ෂ 32 දක්වා ඉහළ නංවා ඇති බවයි.

(colombotimes.lk)