ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම T20 පන්දු යවනන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී තිබෙනවා.
ඒ නිමා වූ පාකිස්ථාන - ශ්‍රී ලංකා T20 තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.
ඒ අනුව වනිඳු හසරංග මෙම ශ්‍රේණිගත කිරීම්වල 05වන ස්ථානයේ සිට 02වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
කෙසේ වෙතතේ T20 පන්දු යවනන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 13වන ස්ථානයේ රැඳී සිටි නුවන් තුෂාර 22වන ස්ථානය දක්වා සහ 20වන ස්ථානයේ රැඳී සිටි මහීෂ් තීක්ෂණ 25වන ස්ථානය දක්වා පසුබැස ඇති බවයි වාර්තා.
(colombotimes.lk)
