මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල, දියණිය ඇතුළු විත්තිකරුවන් 04දෙනෙක්ට එරෙහිව ගොනු කළ නඩුව ජනවාරි මස 29වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
ඒ එම නඩුව අද (14) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ අධිකරණය හමුවේ ඉල්ලීම් කරමින් මෙම නඩුවට අදාළව බැංකු ලේඛන වාර්තා මෙතෙක් විත්තිය වෙත ලබාදී නොමැති බව සඳහන් කළා.
ඒ අනුව අදාළ වාර්තා විත්තිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා අල්ලස් කොමිසමේ නීතිඥවරියට දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
