30 January 2026

logo

පොල්තෙල් මෝලක ගින්නක්



බණ්ඩාරගම, කළුතර මාර්ගයේ පිහිටි පොල්තෙල් මෝලක අද (30) ගින්නක් හටගෙන තිබෙනවා.

එලෙස හටගත් ගින්න හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පිරිසක් පැමිණ සම්පූර්ණයෙන් පාලනය කර නිවා දමා තිබෙන බවයි වාර්තා වන්නේ.
 
බණ්ඩාරගම පොලීසිය සඳහන් කළේ ගින්නෙන් එම පොල්තෙල් මෝලේ රුපියල් ලක්ෂ 20කට ආසන්න දේපළවලට දැඩි අලාභ හානි සිදුවී ඇති බවයි.

එමෙන්ම මෝල ආසන්නයේ ගබඩා කර තිබූ කොප්පරා තොගයකට සහ දේපළ රැසකටද දැඩි අලාභ හානි සිදුවී තිබෙනවා.

(colombotimes.lk)