15 January 2026

logo

දිට්වා සුළි කුණාටුවෙන් පසු යටිතල පහසුකම් ගොඩනැංවීමට බාධා



දිට්වා සුළි කුණාටුවෙන් පසු යටිතල පහසුකම් නැවත ගොඩනැගීමේ කටයුතුවලට යම් යම් බාධා එල්ල වී තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසනවා.

එම සංවිධානය සඳහන් කළේ සුළි කුණාටුවේ වඩාත්ම බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක 22ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 58ක් ආවරණය කරමින් සිදු කළ සමීක්ෂණයකින් ඒ බව තහවුරු වූ බවයි. 

එමෙන්ම සුළි කුණාටුවෙන් හානියට පත් යටිතල පහසුකම් යළි ගොඩනැංවීමේදී සහ අනුමැතීන් ලබාගැනීමේදී ඊට අදාළ ආයතන අතර පවතින දුර්වල සම්බන්ධීකරණය හේතුවෙන් මෙලෙස ප්‍රමාදයන් සිදු වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සඳහන් කළේ ඉදිකිරීම් කටයුතු සඳහා ගොඩනැගිලි ද්‍රව්‍යවල හිඟයක් පවතින අතර ඒ සඳහා අවශ්‍ය අරමුදල් ලබා ගැනීමේදී ඇතැම් ජනතාවට සීමාවන්ට මුහුණදීමටද සිදුවන බවයි වාර්තා වන්නේ.   

එමෙන්ම ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාවගේ ජීවනෝපායන්ට බලපෑම් එල්ල වී තිබෙනවා. 

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සඳහන් කළේ එමනිසා ඔවුන්ගේ ජීවනෝපාය සුරක්ෂිත කර ගැනීම සඳහා කඩිනම් පියවර ගත යුතු බවයි.

(colombotimes.lk)