15 January 2026

logo

ටිපර් රථ අනතුරක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට



ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අද (15) අලුයම අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ  යාපනය - මන්නාරම මාර්ගයේ තෙන්මරාච්චි, නාවට්කුලි ප්‍රදේශයේදීයි.

එම අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක්, වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වූ බවයි. 

එම අනතුරින් කිළිනොච්චිය, වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 

(colombotimes.lk)