15 January 2026

logo

කෝටි ගණන් වෛද්‍ය උපකරණ භාවිතයෙන් ඉවතට



විදේශීය පරිත්‍යාගක් ලෙස මෙරට රෝහල් පද්ධතියට හිමිවූ කෝටිගණනක් වටිනා වෛද්‍ය උපකරණ භාවිතයට නොගන්නා බවට තොරතුරු වාර්තා වනවා.

සෞඛ්‍ය අංශයේ ඉහළ නිළධාරීවරයෙක් සඳහන් කළේ එම උපකරණ භාවිතය අධික වියදම් සහගත මෙන්ම මෙරට රෝහල් පද්ධතියට නොගැළපීම ඊට හේතුවී ඇති බවයි.

එම යන්ත්‍ර සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් වාර්තාවක් කැඳවා ඇති බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පරිත්‍යාග වශයෙන් ලැබෙන උපකරණ හිතුමතේ භාර නොගෙන මෙරට සෞඛ්‍ය පද්ධතියට ගැළපෙනවාද යන්න තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඒවා භාර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

(colombotimes.lk)