14 January 2026

logo

මුදල් වංචා පැමිණිලි 1000ක් ගැන විමර්ශන අරඹයි



නීති විරෝධී මූල්‍ය ආයතන ඇතුළු මුදල් වංචා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි 1000කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව පොලිස් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසනවා.
 
පොලීසිය සඳහන් කළේ පිරමිඩ වංචා ක්‍රමවලින් මුදල් වංචා කිරීම, නීති විරෝධී ණය ව්‍යාපෘති මෙන්ම පුද්ගලයන් රවටා මුදල් චංචා කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි ද විමර්ශනය කරන බවයි. 

මීට අමතරව මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 40දෙනෙක්ගේ දේපළ සම්බන්ධයෙන්ද විමර්ශන මේ වන විට ආරම්භ කර තිබෙනවා.
 
පොලීසිය සඳහන් කළේ නීති විරෝධී ක්‍රම මඟින් උපයා ගත් එම දේපළ ඉදිරියේදී තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි. 

(colombotimes.lk)