කලාපයේ යුධමය තත්වය උත්සන්න වීම වැළැක්වීමට සහාය වීම සම්බන්ධයෙන් ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා කටාර් රාජ්‍යයට ස්තූතිය පළකර තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ දුරකථනය මාර්ගයෙන් ඉරාන රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, කටාර් රාජ්‍ය අමාත්‍යවරයෙක් වෙත මෙලෙස ස්තූති කර ඇති බවයි.
ඉරානය අසල්වැසිභාවය රකිමින් සහ උත්තරීතර අවශ්‍යතා මත පදනම්ව දෙරට අතර සබඳතා දිගටම කරගෙන යාමට සහ ශක්තිමත් කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බව කටාර් රාජ්‍ය වෙත දැනුම්දී තිබෙනවා.
ඉරානය තම න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස කටාර් රාජයේ අල් උඩෙයිඩ් හී ඇමරිකානු කඳවුරට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව මෙම ඇමතුම ලබාදී තිබීම විශේෂත්වයක්.
කෙසේවෙතත් මෙම ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් කටාර් රාජ්‍ය මෙම පියවර දැඩි ලෙස හෙළා දුටු අතර අද ඉරාන තානාපතිවරයා එරට බලධාරීන් කැඳවා තිබුණා.
(colombotimes.lk)