සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි තරග 3කින් සමන්විත T20 ක්‍රිකට් තරගාවලිය තරග 3ට 0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්වුණා.
ඒ දෙරට අතර පැවැති අවසන් T20 තරගය මීට සුළු මොහොතකට පෙර ලකුණු 12කින් ජයග්‍රහණය කරමින්.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 128ක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට වසර 12කට පසු එංගලන්තයට එරෙහිව T20 තරගයක් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ලකුණු 129ක පහසු ඉලක්කයක් හිමි වුණා.
කෙසේ වෙතත් එම පහසු ඉලක්කය ශ්‍රී ලංකා කණ්ඩායමට සපුරා ගැනීමට නොහැකි වුණේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණ රටාව හේතුවෙන්.
ඒ අනුව ඔවුන්ට සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 116ක් පමණයි.

(colombotimes.lk)
